19 වන සෙනසුරාදා සවස 02 ට මොරගල්ල වෝටර් ලීලී හෝටලයට එන්න.
අලුත් කතාබහ යනු අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ රට පුරා සිවිල් සමාජයේ විවිධ පිරිස් අතර පැවැත්වෙන කතිකාවක්. වර්තමානයේදී ලංකාව මුහුණදෙන ප්රශ්නය තේරුම්ගැනීම හා එයට විසඳුම් සාකච්ඡා කිරීමත්, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මුලපිරීම් සිදුකිරීමත් තමයි මේ කතිකාවේ අරමුණ. එහිදී පුරවැසියා, පුරවැසිභාවය හා පුරවැසි ක්‍රියාකාරීත්වය විවිධ අංශ ඔස්සේ ශක්තිමත් කිරීම පිළිබඳ අප සාකච්ඡා කර තිබෙනවා. මේ කතාබහත් එහි එක් පියවරක්.
මේ බොහෝ අයට කඩිනම් විසඳුම් අවශ්‍ය වී තිබෙන කාලයක්. ඒත්, අප ළඟ එවැනි කඩිනම් විසඳුම් සඳහා සංයුක්ත යෝජනා නැහැ. ඔබේ අදහසුත්, අපේ අදහසුත් සාකච්ඡා කරන්නට කැමති නම් අද බේරුවලදී හමුවෙමු.