අප දැනට කරගෙන යන ප්‍රධාන කාර්යයන් වන්නේ සමාජ සංවාදයක් ගොඩනැගීම, සන්නිවේදනය හා උද්දේශනයයි.

බල දේශපාලනික පටු අරමුණුවලින් හා වානිජ අරමුණුවලින් තොර අව්‍යාජ සමාජ, දේශපාලනික හා සංස්කෘතික සංවාදයක් සමාජය තුළ ගොඩනැගිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.

පුරවැසියන් සවිබලගැන්වීමට ඉවහල් වන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ වෙනුවෙනුත්, රටට හා ලෝකයට ගැලපෙන ආර්ථික, සමාජ, දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාපනික හා පාරිසරික ආදී ප්‍රතිපත්ති ගොඩනැගීමත් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. අරගල කරන්නෙමු.

අපගේ ක්‍රියාකාරකම් මෙම වෙබ් අඩවිය මගින් දැනුම්දෙනු ඇත. අපගේ ඊමේල් පණිවුඩ සේවාව සමග මෙතනින් එකතුවන්න. අපගේ සමාජ මාධ්‍ය වේදිකාවල සාමාජික වන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.